Wednesday, July 24, 2013

Health























What is Yoga? 

Yoga is one of the six systems of Indian philosophy. 

The word "yoga" originates from the sanskrit root yuj which means Union. On the spiritual plane, it means 
union of the Individual Self with the Universal Self. Yoga is the union of the body, mind, emotions and intellect. 

Sage Patanjali penned down this subject in his treatise known as Yoga Sutras of Patanjali.



What is Iyengar Yoga? 


Sage Patanjali's treatise on Yoga consists of just 196 terse aphorisms compiled in the 5th century B.C. Yogacharya B.K.S. Iyengar has made it possible for ordinary human beings to experience the wisdom of the yoga sutras. 

                                           
                                He finds the meaning of the sutras by practical search and regular practice. Iyengar Yoga has shown and taught how all the eight aspects of astanga yoga are integrated. His style of teaching yoga which is now being followed by certified teachers has been called as "Iyengar Yoga".
































පැණිරස කෑම එනම් සීනි  අධික ආහාර සමග සම්බන්දවන ප්‍රධාන රෝගී තත්වයක් ලෙස මධුමේහය හෙවත් දියවැඩියාව හදුන්වා දිය හැකිය. වර්තමානය වෙනවිට  මෙම රෝගිතත්වය ඉතා සුලබ නමුත් විශේෂයෙන්  වැඩිහිටි පුද්ගලයන් බොහෝ ප්‍රමනයක්ම මෙකී රෝගී තත්වයට ගොදුරු වී සිටිති.

                                
අප ශරීරයේ රුධිරගත සිනි ප්‍රමාණය පාලනයකින් තොරව ඉහල යාම දියවැඩියාව ලෙස හැදින්වේ. ඒ අනුව සාමන්‍ය පුද්ගලයෙකුගේ රුධිරගත සිනී මට්ටම මිලිග්‍රෑම් 70 ත්110 ත් අතර පැවතිම සිරිතයි. නමුත් කෙනෙකුගේ සිඉනි මට්ටම  මිලිග්‍රෑම් 140ට වඩා  වැඩිවේනම් ඔහු දියවැඩියාවෙන් පෙළේන්නෙකු බවට නිගමනය කළහැකි ය.

                          දියවැඩියාව වැලදිමට පැණි රස අහාරවර්ග භාවිතයට අමතරව පහතදක්වෙන  හේතුද බලපානු ඇත. එනම් :

                               1.     දැඩි මානසික අසහනය.
                                    2.     ව්‍යායාම අඩුකම.



                                           අතීතයේදී ශාරිරය වෙහෙසවන එදිනෙද ක්‍රියාකාරකම්වල නිරතවූ නමුත් දැන් ශරීරය වෙහෙසිමට අවශ්‍ය කිසිදු වැඩකපොලක නොදීඉමට තරම ඇඟ හොරවී ඇත .මේ නිසා ශරීරයට අවශ්‍ය ඒ ක්‍රියා කාරකම් පිටතින්ලබාදීම උදෙසා ව්‍යායාමවල ප්‍රමාණවත් තරම් නියෙළිය යුතුය.


දියවැඩියාව වැළදුනු රෝගියෙකුගේ භාහිර ලක්ෂණ

1.     අධික පිපාසයක් ඇතිවීම .
2.     ශරීරයේ ඇතිවන තදබල වේදනාව සහ තෙහෙට්ටු ගතිය .
3.     නිතරම  මුත්‍රා කිරීමට ඇති අවශ්‍යතාවය.
4.     තුවාල සුවනොවී කල්අල්ලා පැවතීම .
5.     ලිංගික අප්‍රාණි තත්වයක් ඇති වීම.
6.     ශරීරයේ බර අඩු වීම .
7.     ශරීරයේ අප්‍රානගතියක් ඇතිවීම.
8.     ලිංගාශ්‍රිත පෙදෙස්වල ඇතිවන කැසීම් තත්වයක්
9.     නිතර ඇතිවෙන කුසගින්න
10පැණි රස ආහාරවලට වැඩි කැමැත්තක් දැක්වීම. 



 දියවැඩිවේ නිඅතර දැකිය හැකි රෝග ලක්‍ෂණ කීපයකි.
 එහෙත් මේ රෝග ලක්‍ෂණ එකක්වත් නැති වුවද රෝගය ඇතිවෙන්නට ඉඩ ඇත​.



      දියවැඩියාව වැළදුණු රෝගියෙකුට ඇතිවියහැකි අතුරු ආබාධ
           
               1.    වකුගඩු ආබාද.
               2.    ස්නායු අබ්ද.
               3.    කොලොස්ට්‍රෝල් ඉහල යාම.
               4.    ඇසෙ සුද මතුවීම . (මෙමගින් බොහෝවිට ඇස අන්ධ බව දක්වා  වර්ධනය වෙයි.)
               5.    අංශභාගය රෝගය.
                6. ලිංගික දුබළතා ඇතිවීම.




දියවැඩියාව පිළිබඳ මිත්‍යා

*මුත්‍රා  පරික්‍ෂ මගින් දියවැඩියාව හදුනාගන්න    පුලුවන්.

  එය වැරදිය​. දියවැඩියාව හරියටම හදුනා ගැනීමටනම    සඳහා උදැසන හිස් බඩ ගන්නා ලේ පරික්‍ෂා කළ යුතුය

     


* පෙතිබොන්නේ රෝගය අඩූ අයයි.ඉන්සියුලි          දෙන්නේ රෝගය දරුනුවු විටය​.

   මේ අදහසද වැරදියි.


* බෙහෙත් බොනවානම්, ඉන්සියුලින් එන්නත විදින       නම් ඕනෑම දෙයක් කෑවට කම් නැත​.

  මෙයද වැරදි අදහකි. කුමන ආකාරයේ බෙහෙත්          ගත්තත්, සමඟම ආහාර පාලනය කළ  යුතුය.

* සීනි කෑම හොද නැත.හෙත් හකුරු, මී පැණී,         පළතුරු    තරම් නරක නැත​.

   මෙයද වැරදි මතකයකි. පැණී රස කොයිකත් එකය.      සීනි, හකුරු,මී පැණී දියවැඩියා රෝගීන්ට අගුණය.

* කිසියම් මොහොතක ඉන්සියුලින් එන්නත          දුන්නොත් සිරුර එයට පුරුදු වෙයි. ඉන්    පසු දිගටම එන්නත් විදීමට සිදුවෙයිපෙති මගින් රෝ   ගය පාලනය කළ නොහැක​.

     මෙයද මිත්‍යාවකි.




අප භාවිථා කරන ජංගම දුරකථනයෙන් වන හානි.....



වැඩි වේලාවක් ජංගම දුරකථන නිතර නිතර කනේ ගසා භාවිතා කිරීම

 උදා . තරුණ වයසේ සිටින්නන් ජංගම දුරකථන හරහා බොහෝ 

වේලාවක් සංවාද පැවැත්වීම.මෙ මගින් ඉතා කෙටි කාලීනව හෝ දීර්ග

 කාලීනව සිදුවිය හැකි අනිසි දුබල ථාවයන් මොලයේ ස්නායූ දුබල 

විමනිසා මතකය අඩූ වීම​, පිළිකා ඇති වීම​,කන් ඇසීම අඩු වීම​, වැනි

 රෝග වලට ගොදුරු විය හැක​... මෙය ඉතා වැදගත් වන්නේ ථත්වයෙන්

 බාල ජංගම දුර කථන දැන් බහුලව වෙළද පොලේ ඇති නිසා





ඔබ නින්දට යනවිට  ජංගම දුරකතනය ලග තාබා නොගන්න​.



කුඩා දරුවන් ගෙන් ඈත් කර තබන්න....


මෙය යි විනාශය.....​..........





දැඩි සත්කාර ඒකකයේ සිටින රෝගියකු බැලීමට යාමේදි ඔබ විසින් පිළිපැදිය යුතු කරුණු

  දැඩි සත්කාර ඒකකයට ඇතුල් වීමට පෙර මුඛවාඩම්, විශේෂ ඇඳුම් හා විශේෂ පාවහන් යුවළක් පැළඳීම කළ යුතුය.

දැඩි සත්කාර ඒකකයක් තුළ රෝගියකු සම්බන්ධයෙන් සිදුවන සුවිශේෂ රැකබලා ගැනීම හා දැඩි සත්කාර කෙබඳු ද යන්න පසුගිය සතිවල හඳුනා ගතිමු. එලෙසම මෙවැනි දැඩි සත්කාරයක් ලබන රෝගීන් සහිත එවැනි ඒකකයක් තුළට බාහිර අමුත්තකු ඇතුළු විය යුතු ආකාරය ද විශේෂිතය. තවද එබඳු රෝගියකුගේ ඉදිරි ප්‍රතිකාර සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනු ලබන ආකාරය දැන ගැනීම ද වැදගත්ය. 

 දැඩි සත්කාර ඒකකයේ සිටින රෝගීන් බැලීමට යන අමුත්තන් සැලකිලිමත් විය යුතු කරුණු.

බොහෝවිට රෝගියාට නින්ද යෑම සඳහා ඖෂධ දී තිබිය හැකියි. එසේ නැතිනම් රෝගියා සම්පූර්ණයෙන් සිහි නැති තත්ත්වයේ හෝ අඩ සිහියක් සහිත තත්ත්වයේ පසුවිය හැක.
තවද දැඩි සත්කාර ඒකකයේ සිටින සමහර රෝගීන් ඉදිමුණු ස්වභාවයෙන් දක්නට ලැබේ. එමෙන්ම මෙහි ඔබට මීට පෙර දැක නැති දර්ශන හා ශබ්ද ඇසිය හැකිය.

(උදා. බට වර්ග මෙෂින්, වයර් වර්ග හා එලාම් ශබ්ද ආදී) එබැවින් මේ පිළිබඳ දැනුවත් භාවයක් සහිතව දැඩි සත්කාර ඒකකය තුළට යාම වැදගත්ය.

දැඩි සත්කාර ඒකකයට ඇතුළු වීමේදී විසබීජ පිළිබඳ සැලකිලිමත් වීම ද ඉතා වැදගත් සාධකයක් වේ. බාහිරින් පැමිණෙන අමුත්තකු ලෙස විසබීජ රහිතව එහි ඇතුළු වීම ඔබේ යුතුකමයි.
 ඒ සඳහා කාර්ය මණ්ඩලයේ උපදෙස් පිළිපැදීම අවශ්‍යය.

මෙවැනි අවස්ථාවකදී රෝගියාගෙන් ඔබට හෝ ඔබෙන් රෝගියාට විසබීජ ඇතුළු වීමේ හැකියාවක් ඇත.
ඒ සඳහා පහත පිළියම් භාවිතා කළ යුතුය.

* දැඩි සත්කාර ඒකකයට ඇතුල් වීමට පෙර ජීවානුහරණය කරන ලද දියරයකින් අත සෝදා ගන්න.
* දැඩි සත්කාර ඒකකයට ඇතුල් වීමට පෙර මුඛවාඩම්, විශේෂ ඇඳුම් හා විශේෂ පාවහන් යුවළක් පැළඳීම කළ යුතුය.
* ඔබේ ඥාතීයා හෝ හිතවතා බැලීමට එක් වරකදී එක් අයෙකු බැගින් ඇතුල්වන්න.
* රෝගියකු බැලීමට දැඩි සත්කාර ඒකකය තුළට යාමේදී මල් පොකුරු වැනි දේ රැගෙන යෑමෙන් වළකින්න.
* අවේලාවේ දැඩි සත්කාර ඒකකය තුළට ඇතුළු වීමෙන් වළකින්න.
ඇතැම්විට රෝගියා වෙනුවෙන් විශේෂිත ඖෂධ වර්ග හෝ උපකරණ පිටතින් ගෙන දීමට ඔබට සිදුවිය හැක. ඒ සඳහා ද යම් සූදානමක් සහිතව පැමිණෙන්න.







රෝගියාගේ ප්‍රතිකාර හෝ රෝගය සම්බන්ධ වෙනත් තීරණ ගැනීම.

රෝගියාට සම්පූර්ණ සිහිය ඇතිවිට ඇතැම් ප්‍රතිකාර හෝ රෝගය සම්බන්ධ වෙනත් තීරණ ගැනීම රෝගියා සමඟ සාකච්ඡා කොට ගත හැකිය. හදිසි අවස්ථාවකදී හෝ රෝගියාට සිහිය අඩු අවස්ථාවකදී දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය කාර්ය මණ්ඩල ඒ සඳහා ගත යුතු සුදුසුම ප්‍රතිකාර තීරණය කරයි.
අනිකුත් අවස්ථාවලදී රෝගියාගේ භාරකරු සමඟ සාකච්ඡා කොට වඩාත් සුදුසුම තීරණය ගනු ලබයි. ඊට අමතරව රෝගියා බලවත් ලෙස රෝගාතුරව හෝ සිහිසුන්ව සිටි අවස්ථාවක රෝගියාගේ ප්‍රතිකාර සම්බන්ධයෙන්, ඔහු හෝ ඇය විසින් කලින් ලියන ලද ලියකියවිලි ඇත්නම් ඒ සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කරයි.
එමෙන්ම ඒ අවස්ථාවේ රෝගියා අසල භාරකරුවකු නොමැති නම් කළින් ලියා ඇති පරිදි, රෝගියා සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා පුද්ගලයකුව නම් කර ඇත්නම් ඒ පුද්ගලාට අනුව තීරණ ගනු ලැබේ.

දැඩි සත්කාර ඒකකයක කටයුතු කරන අය
 විශේෂ පුහුණුව ලත් වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන්
නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්
විශේෂ පුහුණුවලත් හෙද නිලධාරීන්
විශේෂ පුහුණුවලත් භෞතචිකිත්සකවරුන්
විශේෂ පුහුණුවලත් පෝෂණවේදීන්
විශේෂ පුහුණුවලත් උපස්ථායකවරු
මීට අමතරව රෝගීන්ගේ මානසික සුවයේ වර්ධනය උදෙසා කටයුතු කිරීමට ආගමික ධර්ම දේශකයින් මෙන්ම විශේෂ පුහුණුව ලද සමාජ සේවා නිලධාරීන්ගේ සහය ද අවශ්‍ය අවස්ථාවලදී රෝගියාට ලැබේ.



ෆ්ලෝරයිඩ් වැඩිපුර භාවිතය හොඳ නැහැ

ෆ්ලෝරයිඩ් සාන්ද්‍රණය අධික වූ විට වඩා දරුණු ෆ්ලෝරෝසියා තත්ත්වයක් ඇති විය හැකිය.




ෆ්ලෝරයිඩ් යනු කුමක් ද?
ෆ්ලෝරීන් කොළ පැහැයකින් යුක්ත වායුවක් ලෙස පවතී. එහි අධික ක්‍රියාකාරී බව නිසා බොහෝවිට එය පවතින්නේ ෆ්ලෝරයිඩ් අයන ලෙස වෙනත් සංඝටකයක් හා සම්බන්ධවයි. ෆ්ලෝරයිඩ් අප ශරීරයට ලැබෙන්නේ අප ගන්නා ආහාර හා ජලය ඔස්සේයි. අප ගන්නා ආහාර පාන අතරින් තේ හා මුහුදු මාලු වල (විශේෂයෙන් මේවායේ කටුවල) ෆ්ලෝරයිඩ් වැඩි වශයෙන් අන්තර්ගත වේ. භූගත ජලයේ පවතින ෆ්ලෝරයිඩ් වල සාන්ද්‍රණය ප්‍රදේශය අනුව වෙනස් වෙයි. ලංකාවේ භූගත ජලයේ ෆ්ලෝරයිඩ් සාන්ද්‍රණය අධිකව පවතින දිස්ත්‍රික්ක අතරින් මාතලේ, අනුරාධපුර හා රත්නපුර දිස්ත්‍රික්ක ප්‍රධාන තැනක් ගනී. ෆ්ලෝරයිඩ් අයන කැල්සියම් අයන වලට ඇති වැඩි කැමැත්ත නිසාවෙන් අපගේ ශරීරයේ මෙම සංඝටකය පිහිටා ඇත්තේ අස්ථි හා දත් වලට සම්බන්ධවයි.

ෆ්ලෝරයිඩ් හා දන්ත සෞඛ්‍යය
ෆ්ලෝරයිඩ් දතේ ඉනැමලය ශක්තිමත් කරන බැවින් දත් දිරා යාමට පෙර එය වලක්වා ගත හැකිය. අප පානය කරන ජලයේ ජල කොටස් මිලියනයකට ෆ්ලෝරයිඩ් කොටස් 0.7 සිට 1.2 දක්වා පැවතීම තුළින් දත්වලට උපරිම ශක්තියක් ලැබේ. වයස අවුරුදු අටට අඩු ළමුන්ගේ ස්ථිර දත් හකු ඇටය තුළ වර්ධනය වේ. මෙම කාලය තුළ ෆ්ලෝරයිඩ් ශරීරයට එකතු වීමෙන් දතට ලැබෙන ශක්තියට අමතරව දත මතුපිට ඇති නෙරීම් වල ගැඹුරු බවද අඩු කෙරෙයි. දත් දිරායාම ඇති කරන බැක්ටීරියාවන් ලෙහෙසියෙන් දත් මැදීමෙන් ඉවත් කර ගත හැකිය. දත් මුඛය තුළට මතු වූ පසු, දිරා යාම පාලනය කිරීම සඳහා රුධිරය හරහා පැමිණෙන ෆ්ලෝරයිඩ්වලට වඩා, දත මතුපිට පවතින ෆ්ලෝරයිඩ් ඉතාමත් වැදගත් වේ. එමඟින් අලුතින් දත් කුහර ඇතිවීම වැළකේ. එමෙන්ම දැනටමත් දිරා ගිය දත් තවදුරටත් දිරා යාම වලක්වා ගැනීමටද ෆ්ලෝරයිඩ් උපකාරී වේ. දත් දිරා යාමේ මූලික අවස්ථාව වූ සුදු ලප මත ෆ්ලෝරයිඩ් ආලේප කිරීමෙන්, දත නැවත යථා තත්ත්වයට පත් කර ගත හැකිය.

දත මතුපිට ෆ්ලෝරයිඩ් ආලේප කිරීම
මේ සඳහා තම නිවසේදී භාවිතා කළ හැක්කේ දන්තාලේප හා මුඛ සෝදන දියරයි. මීට අමතරව දන්ත වෛද්‍යවරයකු විසින් දත් දිරායාමේ අවදානම වැඩි පුද්ගලයන්ට ආලේප කරනු ලබන ෆ්ලෝරයිඩ් ජෙල් හා ෆ්ලෝරයිඩ් වාණිස් ද දත මතුපිට ෆ්ලෝරයිඩ් ආලේප කිරීමේ දී වැදගත් වේ. මෙම ජෙල් හා වානිෂ්වල ඇති ෆ්ලෝරයිඩ් සාන්ද්‍රණය දන්තාලේප හා මුඛ සෝදන දියර වල අඩංගු ෆ්ලෝරයිඩ් සාන්ද්‍රණයට වඩා ඉතාමත් අධිකය.

වැඩි සාන්ද්‍රණයෙන් යුත් ෆ්ලෝරයිඩ් ශරීරගත වීමෙන් ඇති වන අතුරු ආබාධ
ළමුන්ගේ ස්ථිර දත් ඔහුට හෝ ඇයට වයස අට පමණ වන තෙක් හකු ඇටය තුළ වර්ධනය වන බැවින් වැඩි සාන්ද්‍රණයෙන් යුත් ෆ්ලෝරයිඩ් මෙම කාලය තුළ ශරීරගත වීමෙන්, මෙම සංඝටකය දතේ සංයුතියට එක් වීමේ හැකියාවක් ඇත. මෙලෙස ෆ්ලෝරයිඩ් වැඩිපුර එකතු වීමෙන් දන්ත ෆ්ලෝරෝසියා තත්ත්වය ඇති වේ. ෆ්ලෝරයිඩ් අධික ජලය පානය කිරීමෙන් මෙන්ම දීර්ඝ කාලයක් ෆ්ලෝරයිඩ් අධික දන්තාලේප හෝ වෙනත් ද්‍රව්‍යයක් ගිලීමෙන් මෙම තත්ත්වය ඇති විය හැකිය.


ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප
ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේප අප දත් ආරක්‍ෂා කර ගැනීම සඳහා උපකාරී වන පහසුම මාර්ගයයි. දන්තාලේපයකට ෆ්ලෝරයිඩ් සංඝටකය මුලින්ම එකතු කරන ලද්දේ 1950 දශකයේ ය. ලංකාවේ ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප මුලින්ම භාවිත වූයේ 1980 දශකයේ මැද භාගයේ ය. විවිධ සාන්ද්‍රණ වලින් යුත් දන්තාලේප වෙළඳපොළේ දැකිය හැකිය. නමුත් දන්තාලේප කොටස් මිලියනයකට ෆ්ලෝරයිඩ් කොටස් දහසක් එක් කිරීම තුළින් දත් වලට ආරක්ෂාවක් ලැබෙන අතරම ෆ්ලෝරයිඩ් නිසා ඇතිවන අතුරු ආබාධ ද අවම කර ගත හැකිය. වැඩි සාන්ද්‍රණයෙන් යුත් දන්තාලේප භාවිතා කළ යුත්තේ දන්ත වෛද්‍ය වරයකුගේ නිර්දේශය මත පමණි.

රුවාට කෙළ ගැසීමට හැකි වන තෙක් දන්තාලේප භාවිතය පමා කළ හැකිය. වයස අවුරුදු දෙකට අඩු ළමයෙකුට දන්තාලේප ඉතාමත් ස්වල්පයක් භාවිතා කළ යුතු අතර අවුරුදු දෙකත් පහත් අතර දරුවෙකුට කඩල ඇටයක් තරම් දන්තාලේප ප්‍රමාණයක් සෑහේ.

දන්ත ෆ්ලෝරෝසියාව යනු කුමක්ද?
නියමිත ෆ්ලෝරයිඩ් ප්‍රමාණයක් ශරීරගත වීමෙන් දතේ පැහැයේ වෙනස්කමක් දක්නට නොලැබේ. නමුත් නියමිත ප්‍රමාණයට වැඩියෙන් ෆ්ලෝරයිඩ් ශරීරයට ඇතුළු විමෙන් දතේ පැහැයේ වෙනස්කමක් දැකිය හැකිය. මූලික අවස්ථාවේද දත් වල සුදු පැල්ලම් දැකිය හැකිය. මෙය බොහෝවිට තනි දතකට සිමා නොවී මුඛයේ දෙපසම පිහිටි දත්වල දැකිය හැකිය. ෆ්ලෝරයිඩ් සාන්ද්‍රණය අධික වූ විට වඩා දරුණු ෆ්ලෝරෝසියා තත්ත්වයක් දැකිය හැකි අතර, මෙහිදී දත් තද දුඹුරු පැහැයකින් යුක්ත වේ. මීට අමතරව දත් කැඩී යාමකට පවා ලක් විය හැකිය. ගොරෝසු දන්තාලේපයකින් මැදීමෙන් හෝ ගොරෝසු දත් බුරුසුවක් භාවිතයෙන් මෙම තද පැහැය ඉවත් කළ නොහැකිය. එමෙන්ම අඟුරු, වැලි හෝ ලුණු භාවිතයෙන් දත් මැදීම මෙයට පිළියමක් නොවේ. මෙලෙස දත් වල පැහැයේ වෙනස් කමක් ඇති වූ විට දන්ත වෛද්‍ය වරයෙකු ලවා නිසි උපදෙස් හෝ ප්‍රතිකාර ලබාගත හැකිය.

ළමුන් දන්තාලේප ගිලීම වලක්වා ගත යුතු ද?
ළමුන්ගේ හකු ඇටය තුළ දත් වර්ධනය වන කාලය තුළ දරුවා දන්තාලේප ගිලීමෙන් අතුරු ආබාධ ඇති විය හැකිය. දරුවකුගේ දත් මැදීම දෙමව්පියන්ගේ හෝ වැඩිහිටියන්ගේ අධීක්ෂණය යටතේ සිදුවිය යුතුය.
දත් මැදීමෙන් පසුව කෙළ ගැසීමට දරුවකුට මුල සිටම පුරුදු කළ යුතුය. මේ සඳහා පවුලේ සැවොම එක් වී දත් මැදීම හා ඉන් පසුව පිටතට කෙළ ගසා දරුවාට පෙන්වීම ඉතාමත් වැදගත් වේ. මීට අමතරව දරුවාට අවම දන්තාලේප ප්‍රමාණයක් යොදා ගත් මැදීමෙන් මෙන්ම දත් මැදීම දිනකට දෙවරකට සීමා කිරීමෙන් ඔහු හෝ ඇය විසින් ගිලිනු ලබන දන්තාලේප ප්‍රමාණය පාලනය කර ගත හැකිය. ළමුන් දත් මැදීමට භාවිතා කරන දත් බුරුසුව ජලයෙන් සෝදා හොඳින් වියළා ගත් පසුව දන්තාලේප එයට දැමීමෙන් කට තුළ ඇති කෙළ ප්‍රමාණය අවම කර ගත හැකි අතර එමගින් දන්තාලේප ගිලීම සිමා වේ. දරුවන්ට හසු නොවන පරිදි දන්තාලේප අසුරා තැබීමද වැදගත්ය.





What is food pyramid?

A food guide pyramid is a simple way of knowing the kind of food one needs to consume and in what amount to ensure good health. It is obvious that there is interplay of nutrients in the body. When we talk about nutrients it is important to know the quantity that is how much to eat. This can be understood better with the concept of a Food guide pyramid. This can form a foundation for a good diet that provides the essential nutrients.






ශාරිරික ව්‍යායාම  නිරෝගී දිවියකට නිරතුරු  මග පාදයි  .......


Physical exercise is any bodily activity that enhances or maintains physical fitness and overall health and wellness. It is performed for various reasons including strengthening muscles and the cardiovascular system, honing athletic skills, weight loss or maintenance, as well as for the purpose of enjoyment. Frequent and regular physical exercise boosts the immune system, and helps prevent the "diseases of affluence" such as heart disease, cardiovascular disease, Type 2 diabetes and obesity. It also improves mental health, helps prevent depression, helps to promote or maintain positive self-esteem, and can even augment an individual's sex appeal or body image, which is also found to be linked with higher levels of self-esteem. Childhood obesity is a growing global concern and physical exercise may help decrease some of the effects of childhood and adult obesity. Health care providers often call exercise the "miracle" or "wonder" drug—alluding to the wide variety of proven benefits that it provides. LESS






Ayurwedaya ...............

No comments:

Post a Comment